ලංකා කතෝලික සභාවේ නූතන ඔස්කා රොමේරෝ ප‍්‍රාණපරිත්‍යාගී ගරු මයිකල් රුද‍්‍රිගු පියතුමන්ගේ 31 වැනි ගු

පසුගිය මාසයේ අති උතුම් ශුද්ධවූ ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ අතින් ශුද්ධවරයට ඔසවනු ලැබූ එල් සැල්වදෝරයේ අති උතුම් ඔස්කා රොමේරෝ රදගුරු හිමිපාණන් ජනතාවට යුක්තිය සාධාරණය ඉටු කිරීම ස`දහා සටන් කර අවසානයේ සිය ජීවිතයද ප‍්‍රාණපරිත්‍යාගීවරයෙකු ලෙස පුදා ශුද්ධවරභාවයද හිමි කරගන්නා ලදි.

එවැනිම ලෙස ලංකාවේ ඔස්කා රොමේරෝ සළකුණ වනුයේ බුත්තල සිටිමින් ඌව වෙල්ලස්ස ජනතාවට යුක්තිය සාධාරණත්වය හා ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදීම සදහා සටන් වැද අවසානයේ සිය ජීවිතය කුරිරු වෙඩි පහරකට පුද දුන් ලංකාවේ ප‍්‍රාණපරිත්‍යාගීවරයා වන ආචාර්ය ගරු මයිකල් රුද‍්‍රිගු නි.ම.නි. පියතුමන්ය.

උන්වහන්සේව ඝාතනය කර අදට වසර 31ක් වන අතර එය සමරනු වස් අද දින නිමලමරිය නිකායික පියවරුන්, පැවිදි සොහොයුරියන්, අන්‍යාගමික පූජකතුමන්ලා, බුත්තල ගම්වාසීන්, ඌව වෙල්ලස්ස ප‍්‍රදේශවල පුරවැසි සංවිධානවල ක‍්‍රියාකාරී සාමාජිකයින්, ගරු මයිකල් රුද‍්‍රිගු පියතුමන්ගේ පවුගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් බුත්තල ‘සුබසෙත් ගෙදරට’ එක් වී සිටි අතර උදෑසන පැවැත් වූ දිව්‍ය පූජාවෙන් අනතුරුව මරදාන ‘සමාජය හා සාමයික කේන්ද‍්‍රය’ සංවිධානය කර තිබූ ගරු මයිකල් රුද‍්‍රිගු පියතුම්නගේ විශේෂ ගුණානුසමරණ උත්සවයද පැවැත්විණී.

මේ සදහා නිමල මරිය නිකායික ප‍්‍රාදේශාධිපති පියතුමන් ප‍්‍රමුඛ පියවරුන් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර පිළිගැනීමේ කතාව ‘සමාජය හා සාමයික කේන්ද‍්‍රයේ’ විධායක අධ්‍යක්ෂ නීතිඥ ගරු අශොක් ස්ටීවන් පියතුමාද, මුඛ්‍ය දේශනය වමේ කේන්ද‍්‍රයේ කැදවුම්කරු දේශපාලන ක‍්‍රියාධර චමීර පෙරේරා මහතාද, ස්තුති කතාව ‘සමාජය හා සාමයික කේන්ද‍්‍රයේ’ සභාපති ගරු රොහාන් සිල්වා පියතුමන්ද පැවැත්විණි.

වසර 30 ක් පුරාවට ගරු මයිකල් රුද‍්‍රිගු පියතුමන් ළාතනයට ලක් වූ නොවැම්බර් 10 වැනි දින සිට වසරක් පාසා සිය දින පොතේ මයිකල් රුද‍්‍රිගු පියතුමන් හා ගෙවූ ඇසුරෙන් ලද මතකයන් ආවර්ජනය කරමින් සටහනක් කළ මාධ්‍යවේදී දඹේගොඩ ජිනදාස මහතාගේ එම මතක සැමරුම් එක්කොට ‘දිනපොතක සටහන්’ නමින් පොතක් එළි දැක්වීමද මෙම උත්සවයේදී සිදුවිය. පැමිණි සිටි ජනතාවද ප‍්‍රාණපරිත්‍යාගී ගරු මයිකල් රුද‍්‍රිගු පියතුමන් ගැන සිය මතකය ආවර්ජනය කරලීය.


Back to Albums